terbine

ලංකාවේ ස්වභාවික ද්‍රවවායු බලාගාරයට නවීන ටර්බයිනයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.පී) වන “සොබා දනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය අතිනවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය ඉකුත්දා (13) කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. වසර ගණනාවකින් මෙරට කිසිඳු විදුලි ව්‍යාපෘතියක් අලුතින් ආරම්භ කර නැති අතර මෙගාවොට් 350ක ධාරිතාවකින් යුත් මෙම ස්වභාවික ද්‍රවවායු බලාගාරය මෙරට පවතින විදුලි…

oil

ඉන්ධන මිල පහළට

අද රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇත. පෙට්‍රල් 92 නව මිල ලීටරයක මිල රුපියල් 370 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 කි. අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙසම පවතිනු ඇත.

threweel

ත්‍රිරෝධ රථ රියදුරන්ට ණය ගෙවිමටත් පවුල් නඩත්තු කිරිමටත් නොහැකි තත්වයක්

තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05 ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට අසරණ තත්වයන්ට පත්ව ඇති බවත්  ත්‍රිරෝධ රථ රියදුරන් කිප දෙනකුම පවසති. වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ තමන් තම පවුල් ජිවත් කරවනුයේ ත්‍රිරෝධ රථ ධාවනයෙන් වුවත් තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05කට සිමා කිරිමෙන් නිසි ලෙස කුලි ගමන්…

2023

ඉදිරි අවුරුද්ද මීටත් වැඩිය අමාරු තත්ත්වයක

ඉදිරි වසර මීට වඩා අර්බුදකාරී විය හැකි බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. “මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න එන්න එන්ම වැඩිවෙනවා. හැබැයි ඉතින් මේක ලෝකයේ අනිත් රටවලටත් බලපාලා තියෙනවා. නමුත් ඊට වඩා ලංකාවේ තත්ත්වය උග්‍රයි. ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණ ආධාර තවම අපිට…

loans

ආණ්ඩුවේ ණය කන්ද ට්‍රිලියන 24 පනී

2022 මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,051.3 ක් හෙවත් රු. ට්‍රිලියන 24.05 ක් ලෙසින් වාර්තා වේ. 2022 අප්‍රේල් මාසය අවසානයේ දී මෙම අගය රු. බිලියන 23,310.1 ක් ලෙසින් දැක්වුණු අතර 2021 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 17,589.4 ක් ලෙසින්…

russiya-camp-attack

රුසියානු හමුදා කඳවුරකවෙඩි ප්‍රහාරයකින් 11දෙනෙකු මරුට

රුසියානු හමුදා පුහුණු කඳවුරක සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11දෙනෙකු ඝාතනයට ලක්ව ඇත. යුක්‍රේනයේ යුද වැදීමට ඉදිරිපත් වූ ස්වේච්ඡා සෙබළු පිරිසක් ඉලක්ක කරගෙන සැකකරුවන් විසින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බෙල්ගරාඩ් හිදී සිදුවූ මේ වෙඩි තැබීමෙන් තවත් 15දෙනෙකු තුවාල ලබා ඇත. වෙඩික්කරුවන් දෙදෙනා ද එම අවස්ථාවේ දී වෙඩි තබා…

dasun-shanaka

ඊළඟ තරග දෙක ජයග්‍රහණය කරවීමට සුදානම්

තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඉදිරි තරග දෙක ජයගෙන රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ”චරිත් අසංලක ඉන්නවා. ඔහු ගියපාර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත්ත ක්‍රීඩකයා. ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා ඊළග අවස්ථාවලදී ඉදිරියට ඇවිල්ලා ක්‍රීඩා කරලා හොඳින් කරන්න. ලෝක…

dadi-miduma

මධ්‍යම කදුකරයේ දැඩි මීදුම් තත්වයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතතින වැසි සමග විවිට විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්…

weather

අදත් ගිගුරුම් සහිත වැසි – ආපදා ගැන අවධානයෙන් සිටින්න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී…