import

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයි

ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා එම තීරණය ගන්නා බවය.

badweather

ගංඟාවල ජල මට්ටම ඉහළට

මහවැලි, කළු සහ කැළණි ගංඟාවල ජල මට්ටම ස්ථාන කිහිපයකින් අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැළණි ගඟේ කිතුල්ගල ප්‍රදේශයෙන් ද, කෙහෙල්ගමු ඔයේ නෝර්වුඩ් ප්‍රදේශයෙන් ද, කළු ගඟේ කළවැල්ලාව ප්‍රදේශයෙන් ද, මහවැලි ගඟේ පේරාදෙණිය සහ නාවලපිටිය යන ප්‍රදේශවලින් ද ජල මට්ටම ඉහළ යමින් තිබේ. ඒ අතරින් කිතුල්ගල ප්‍රදේශයෙන් කැළණි ගඟේ ද, පේරාදෙණිය…

imf

IMF ණය ලබාගැනීම අවධානමක

මෙම වසර තුළදී ණය පහසුකමක් ලබාගැනීමට අවශ්‍ය නම් ද්වී පාර්ශවික ණය හිමියන්ගේ මූල්‍ය එකඟතාව කඩිනමින් ලබාගතයුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම්දී තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ අදාළ එකඟතාව ලබන මස මුල වන විට ලබාගන්නා ලෙසයි.

kukul

කුකුළු මස් සහ බිත්තර මිල පහළට

කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ ය. කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවය. මේ අතර බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

borinjonson
|

බොරිස් ජොන්සන් නැවතත් සටනට

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නැවතත් එරට කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බලය කන්සර්වේටිව් පක්ෂයට හිමිව තිබෙන අතර එම පක්ෂයේ නායකත්වය ලබාගන්නා තැනැත්තා එරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙයි.