distilanthaya

හම්බන්තොටට ඩිස්නිලන්තයක්

ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ මෙ ඩිස්නිලන්තය ඉදිකරන්නට යෝජනා කර තිබේ. පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව අනාවරණය කර සිටියාය. “ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ…

mathiwarana-komition-sabawa
|

ඩුවල් සිටිසන්ලට මන්ත්‍රීකම් අහෝසි කරනවා – මැකො

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ අධිකරණ තීන්දුවලින් මිස වෙනත් ක්‍රමවලින් නොවන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. අලුතින් සම්මත කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද්විත්ව පුරවැසිභාවයක් දරයිද නැද්ද යන්න පිළිබඳව කඩිනම් තීරණයක් ගත නොහැකි බව ප්‍රකාශ කළ මැතිවරණ කොමිෂන් සභාව…

oil

බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම ඊට හේතුවී ඇති බවය. දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.