dusmantha-chameera
|

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ශල්‍යකර්මයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයෙකු හෙට (29) එරටදී ශල්‍යකර්මයකට ලක්කෙරෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස ශල්‍යකර්මයකට ලක්කෙරෙන්නේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීරයි. ඔහු හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.

twitter
|

ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් ජාලය හිමිකරගනී

ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය. එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම…

Water_Cut

අද පැය 12ක ජල කප්පාදුවක්

පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (28) රාත්‍රී 10 සිට හෙට (29) උදෑසන 10 තෙක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත් හිටවෙනු ඇති. කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ ජල සැපයීම නතරවන අතර, කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනුයි…

SRI LANKA-POLITICS-VOTE
|

ආර්ථිකය ගැන විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී

ආර්ථිකය ඇතුළු රටේ තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 8 වෙනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසිනි. විවාදය එදින උදේ 10:30 සිට සවස 5.00 දක්වා පැවැත්වෙනු ඇත. වාචික පිළිතුරු…