parliament-of-sri-lanka
|

21 වන සංශෝධනයට කථානායක අත්සන් තබයි

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) අත්සන් තබා තිබේ. එම සංශෝධනය විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණද එය ව්‍යවස්ථාවට එක්වන්නේ විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධනය ලෙසය.

kadurata
|

කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරීමට කමිටුවක්

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස ශ්‍රී ලාංකීය සමාජයට ඒකාබද්ධ වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදි අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ට සහාය වීමට කටයුතු කරන…

adiwasi
|

ආදිවාසී පවුල්වල දරුවන් කුසගින්නේ

පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය. දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය,…

bread

පාන් මිල අද අඩුවේ

පාන් ගෙඩියක් රුපියල් 10ත් 20ත් අතර මිලකින් අද (31) සිට අඩු කිරීමට නියමිතයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඔවුන්ගේ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් ගන්නා බවයි. ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පැවතීම මෙලෙස මිල අඩු කිරීමට හේතු වී තිබෙනවා.