ජනපති කාර්මික ලෝකයේ රටවලින් වන්දි ඉල්ලයි

ජනපති කාර්මික ලෝකයේ රටවලින් වන්දි ඉල්ලයි

කාර්මික ලෝකයේ රටවල ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් වෙනුවෙන් කාර්මික රටවල් වන්දි ලබා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් පැවසීය. සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව ද…

විදෙස් ගමන් බලපත්‍ර

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිට වූ බව එමගින් දැනුම් දී ඇත. පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

train-strike

දුම්රිය කිහිපයක් අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා

ප්‍රධාන මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ අනුව පෙරවරු 5.20 ට පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය, පස්වරු 4.02 කොළඹ කොටුව සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය, පස්වරු 4.58 පානදුර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.55ට…

ranil5

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

sinhala news boat

LADY R3 ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්වෙයි

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ, වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ය. යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දී තිබේ. ඒ වනවිට යාත්‍රාව…