elawalu-bija

එළවළු බීජ මිල නියාමනයට ක්‍රමවේදයක් නෑ

එළවළු බීජ මිල පාලනය කිරීම සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර…

meta
|

මෙටා සමාගමේ කාර්යමණ්ඩලයෙන් 11,000ක් ගෙදර යවයි

සිය සමස්ථ කාර්යමණ්ඩලයෙන් 13%ක් කපාහරින බව ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හා වට්ස්ඇප් ඇප් මෘදුකාංග අයත් වන මෙටා සමාගම නිවේදනය කරයි. ඒ අනුව, ලොවපුරා සිටින 87,000ක කාර්යමණ්ඩලයෙන් 11,000ක පිරිසකට පමණ රැකියා අහිමි වනු ඇත.

badweather

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ඉදිරි පැය 48 තුලදී පවතින වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එබැවින්, රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. උතුරු, උතුරුමැද,…