milk

ඉදිරියේ දී කිරිපිටි හිඟයක්

ආනයන අපනයන පාලකවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද කිරිපිටි බහලුම් 15ක් නැවත වියට්නාමයට සහ ඉන්දුනීසියාවට පිටත් කර හැරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉදිරියේ දී කිරිපිටි හිඟයක් ද ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා. කොළඹ දී අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය මේ බව කියා…

train-strike

දුම්රිය රියදුරුන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

විදුලි බලවේග ධාවනාගාරයේ විවේකාගාරයේ ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරුන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මේ හේතුවෙන් අද (15) පෙරවරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවීමට සිදුවු බව “දුම්රිය නගාසිටුවීම සඳහා වු වෘත්තීය සමිති සන්ධානයේ” කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. අදාළ ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගය…

badweather

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වෙයි….