tax23

එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක්

ලබන වසර සඳහා වන අයවැයෙන් ජනතාවගෙන් මුදල් අයකර ගැනීමට පමණක් රජය කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. භාණ්ඩ හා සේවා මත එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ ඒ අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට රුපියල් දෙලක්ෂ…

ශ්‍රී ලංකාව දරුණු ණය අර්බුදයක

ශ්‍රී ලංකාව දරුණු ණය අර්බුදයක

සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය බරපතල තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාවද දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටින බවත් ජී20 රටවල නායකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බරයේ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණියත් එම ණය ලබා ගැනීම සඳහා ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු…

රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක

රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක

රුසියානු හමුදා යුක්රේනයට සිදුකළ ජීවිත සහ දේපළ හානියට වන්දි ගෙවිය යුතු බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකීම රුසියාව බාරගත යුතු යැයි පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව,බංගලාදේශය ,බ්‍රසීලය,දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් 73 ඡන්දය දීමෙන් වැළකී තිබේ.

breaking news sri lanka today sinhala
|

අයවැයෙන් වැටුප් වැඩි නොකළාට සේවකයින් ස්ට්‍රයික්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද (16) සිට සියලුම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇත. රජ්‍ය සේවකයින්ට 2016 වසරෙන් පසුව වැටුප් වැඩි වීමක් මෙතෙක් සිදු නොවූ බවත් එම වසරේදී රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් සිදු වූ බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ…

glucometers

බාල ග්ලුකෝමීටර් ගේන්න අත්සන් නොකළ නිලධාරිනියට මාරුවක්

රුපියල් කෝටි 38ක් ගෙවා ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් මිල දී ගැනීමේ ටෙන්ඩරයක ලියකියවිලිවලට අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළ බව කියන සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂවරියක වෙනත් අංශයකට මාරුකර ඇතැයි වාර්තාවේ. නියමිත ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව සහ ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් ඉන්දියානු සමාගමකින් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිමුඩියේ කටයුතු කරන අතර අදාළ නිලධාරිනිය එම ලියකියවිලිවලට අත්සන්කර අනුමැතිය නොදීම…

mathiwarana komisin sabawa
|

මැතිවරණය ගැන ඉඟියක්

ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය. ඒ සඳහා…