xmas
|

අසිරිමත් නත්තල අද මැදියම් රැයේ උදාවෙයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද(24) මධ්‍යම රාත්‍රියේ උදාවෙයි. නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුණු බැතිමතුන් සමග ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටී. ශ්‍රී ලාංකිකයින් මෙන්ම සමස්ථ ලෝකවාසීන් මෙවර නත්තල පිළිගැනීමට සැදී පැහැදී සිටින්නේ විවිධ අර්බුද මධ්‍යයේයි. ඒ අතරින් ආර්ථික අර්බුදය ප්‍රධානයි. එමෙන්ම චීනයෙන් නැග එන නව කොරෝනා රැල්ලද අලුත්ම අවදානමක්…

jaffna-kings

LPL ශූරතාව අඛණ්ඩව තුන්වන වරටත් යාපනයට

ලංකා ප්‍රිමියර්ලීග් ශූරතාව අඛණ්ඩව තුනවන වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, කලම්බු ස්ටාර් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු දෙකකින් ජය ගනිමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163 ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි. රවි බොපාරා නොදැවී ලකුණු 47ක්…

විශේෂ බස් සහ දුම්රිය සේවා

විශේෂ බස් සහ දුම්රිය සේවා

නත්තල් සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. මේ අනුව දැනට ධාවනය වන දුම්රියට අමතරව විශේෂ දුම්රිය ගමන්වාරද ලබන 27 වනදා දක්වා ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන, ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ. ලංකා ගමනාගමන මණ්ඩලයද පැවසුවේ මගී ජනතාව වෙනුවෙන් අතිරේක බස්රථ සේවා ක්‍රියාත්මක බවයි.

surasal

දිවයින පුරා සුරාසැල් හෙට(25) වැසේ

දිවයින පුරා සුරාසැල් හෙට(25) වසා තැබෙන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරකයින් සඳහා සේවා සපයන හෝටල, ආපන ශාලා සහ තානායම්වල පමණක් මත්පැන් අලෙවි කරන ස්ථාන හෙට විවෘතව තැබෙන බවයි.