anulakulama
|

මිහින්තලේ කැනීම් වලින් ඓතිහාසික පුරාවස්තු රැසක් හමුවෙයි

මිහින්තලේ අනුලාතිස ස්ථූපය සහ ඒ අවට සිදුකළ කැනීම්වලින් ඓතිහාසික පුරාවස්තු රැසක් හමුව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා සිදුකරන ලද මෙම කැණීම් තුලින් මැටි මංජුසා, හමුවූ අතර එම මැටි බඳුන් තුළ තිබී ලෝහමය ආභරණ හා පපලු වර්ග මෙන්ම පුළුස්සන ලද අස්ථි කැබලි ආදී ‌ෙඑතිහාසික වස්තූන් හමුවී ඇත. මෙම අස්ථී කැබලි රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ ලෙසින්ද සැකයක්…

සුනාමියට වසර 18 යි – විපතට පත් වූවන් සිහිකිරීමට විනාඩි 2 ක නිහඬතාවක්

සුනාමියට වසර 18 යි – විපතට පත් වූවන් සිහිකිරීමට විනාඩි 2 ක නිහඬතාවක්

සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 18 ක් සපිරේ. ඉන් මියගිය සහ විපතට පත් වූ ජනතාව සිහිපත් කර අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් රටපුරා පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය. ඒ අනුව සියලු ජනතාවට ඊට එක්වන ලෙස ඉල්ලීමක් කෙරේ….