tax
|

උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි

උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් ගෙවිය යුතු වන අතර ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන,සංස්ථා එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් තිබූ බව ද සියඹලාපිටිය මහතා කීය.

bahuwida
|

කඩවතත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වෙයි

ලංකාවෙි සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ. මේ වනවිට වැඩ අවසන් කර ඇති කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

cocunet
|

පොල් මිලට ගැනිමට ගිය විට එලොව පොල් පෙනෙයි

මේ වන විට පොල් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග  ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අද විට  පොල් ගෙඩියක මිල රුපියල් 100, 110, 120, වැනි මිලකට අලෙවි වන අතර කුඩා පොල් ගෙඩියක්ද රුපියල් 85 ත් 90ත් අතර මිලකට අලෙවි වනු ඇත‍. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ පොල්…

russiya-missaile-attack
|

රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

යුක්‍රේනයේ නැගෙනහිර ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල කළ අධි බැලැති මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන හමුදා භටයින් 600කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව රුසියාව පවසයි. යුක්‍රේන හමුදා නවාතැන් ගන්නා ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරවලින් තවත් සෙබළුන් 300කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කරන අවස්ථවේ රුසියානු සෙබළුන් 1,300ක් පමණ…

wana-ali

අලි එළවන්න අලු‍ත් ක්‍රමයක්

බුත්තල – කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට හා වනඅලි පළවා හැරීමට වනජීවි දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවා තිබේ. එම මාර්ගයේ දී වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදුකරන අවස්ථා දක්වමින් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රවෘත්ති පිළිබඳ අවධානය යොමුකරමින් එම තීරණය ගෙන ඇත. ඒ අනුව මෙම තත්ත්වය වළක්වාලීම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන…

egg

අද පළාත් 3 කදී අඩු මිලට බිත්තර

පළාත් 3කට අද(9) දිනයේ රුපියල් 53 බැගින් බිත්තර අලෙවි කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති සරත් රත්නායක කියා සිටියේ උතුරුමැද, ඌව සහ මධ්‍යම පලාත්වලට ගොස් බිත්තර අලෙවි කිරිම සිදුකරන බවයි. ජනතාව චෝදනා කරන්නේ තමන්ට රුපියල් 55 ක මිලකට බිත්තරයක් මිලදී ගැනීමට වෙළඳපල තුළ නොමැති බවයි.

surabadu

සුරාබදු දෙපාර්තමේන්තුව බිලියන 170ක ආදායමක් උපයයි

සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී උපයා තිබේ . එලෙස ඉපැයූ ආදායම රුපියල් බිලියන 170ක් වන අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බව ය. ගෙවුණු වසරේ වැඩිම ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි.