thabili
|

තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක්

මේ වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක ආදායමක් අපේක්ෂා කරන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති වීරසිංහ පවසයි. ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන දෙකක ආදායමක් ලැබුණු බවයි.

law

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලොකු පුටුවක් වෙනස් වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) සිදුකර තිබුණි. මෙහිදී සභාපති ධුරයට කෞශල්‍ය නවරත්න මහතා නාමයෝජනා භාරදුන් අතර ලේකම් ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි මහතා නාම යෝජනා භාරදීම සිදු කර තිබේ. අද දහවල් 12 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව ලැබුණු අතර වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා භාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම…

central-bank
|

මහ බැංකුවෙන් නිවේදනයක්

හෙට (12) රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. මෙහිදී කාණ්ඩ දෙකක් යටතේ බැදුම්කර නිකුත් කරයි.රුපියල් මිලියන 50,000 බැඳුම්කර 2026 වසරේ මැයි 15 වැනිදා කල් පිරෙන පරිදි නිකුත් කිරිමට නියමිත අතර ඉතිරි රුපියල් මිලියන එක්ලක්ෂ දස දහසක් වටිනා බැඳුම්කර කල් පිරෙන්නේ 2027 වසරේ සැප්තැම්බර් 15 වැනිදා ය.

sunmanthiran
|

කලින් තත්ත්වයම තමා අදත් – සුමන්තිරන්

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය. “රජය සමග කරපු සාකච්ඡාවේ දී දැනටමත් අපේ ජනතාවට තියෙන ප්‍රශ්න කිහිපය ගැන සාකච්ඡා කළා. එකක් තමා අතුරුදන් වෙච්ච අය ගැන,…