අත්‍යාවශ්‍ය ශල්‍යකර්මත් කල් යාමේ අවධානමක්

අත්‍යාවශ්‍ය ශල්‍යකර්මත් කල් යාමේ අවධානමක්

රජයේ රෝහල්වල සිදුකෙරෙන අත්‍යවශ්‍ය ශල්‍යකර්මවලට ප්‍රමුඛතාවය ලබාදී අනෙකුත් ශල්‍යකර්ම කල්දැමීමට සිදුවූයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වරදින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ පවතින තත්ත්වය අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පවා කල්දැමීමේ අවදානමක් පවතින බවයි.

වෙනස නව සන්ධානය ජනගත වෙයි
| |

වෙනස නව සන්ධානය ජනගත වෙයි

ජන අරගලයෙන් බිහිවූ දේශපාලන සංවිධාන හා සිවිල් සංවිධාන සහ අරගලයේ පාර්ශවකරුවන් වූ සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් වෙනස නව සන්ධානය ගිවිසුම්ගතවීම හා ජනගත කිරීමේ උත්සවය ඊයේ (12) සිදු කෙරුණා. ඒ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දීයි. ජීවන ක්‍රමය හා සංස්කෘතිය යහපත් ලෙස වෙනස් කිරීම, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජයීය, සාක්ෂරතාවය දියුණු කිරීම තුළින් සතුටින් ජීවත් වන ජනතාවක් සිටින…

කොන්ත්‍රාත්කරුවන්ට වරෙන්තු
|

කොන්ත්‍රාත්කරුවන්ට වරෙන්තු

තුර්කියට ඉකුත් සඳුදා බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටුණු ගොඩගැනිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වරෙන්තු 113 ක් මේවනවිට නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස වරෙන්තු නිකුත් කෙරුණූ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු 12 දෙනෙකු මේවනවිටත් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලීසිය සඳහන් කරයි. පැවැති රජයන් යටතේ…

train-strike

දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ

අද (13) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි. දුම්රිය රියදුරන්ගේ වෘත්තීයමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. අවලංගු කළ දුම්රිය අතර කාර්‍යාලීය දුම්රිය ද ඇතුළත් වී තිබෙයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි
|

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදුවී මේ වනවිට (13) දින හතක් ගතව තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් ගළවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර නැහැ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවටයි.