ගෝමික උඩුගමසූරිය
|

ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය උඩුගමසූරියට අමෙරිකාවෙන් විශේෂ තැනක්

හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර තිබේ. අඩු වියදමින් පිළිකා වැනි රෝගවලට ඖෂධ බවට පත් විය හැකි සංයෝග ගණනාවක් සොයා ගැනීම හේතුවෙන් තමන්ට එම සාමාජිකත්වය හිමි වූ බවයි මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පැවසුවේ. තමන් නිපදවූ ඖෂධ බවට පත් විය…

නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට කමිටුවක්
|

නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට කමිටුවක්

මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදුනොවන නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මකවීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා…

weather today at my location

කාලගුණයෙන් අකුණු පිළිබඳ අනතුරු ඇගවීම්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම…