election

ඡන්දය ගැන කොමිසමෙන් හෙට තීරණයක්

මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) දිනයේදී රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කළ බව එහි සාමාජිකයින් 5 දෙනාගේම සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා…

පාසැල් පෙළපොත් මිල වසරක් තුළ හතර ගුණයකින් ඉහළට

පාසැල් පෙළපොත් මිල වසරක් තුළ හතර ගුණයකින් ඉහළට

පාසැල් පෙළ පොත් සහ පාසැල් නිල ඇඳුම් සඳහා වැයවන මුදල වසරක් තුළ සිව්ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ පෙළපොත් මුද්‍රණයට ඉකුත් වසරේ රුපියල් බිලියන 4.5 ක් වැයවුවද මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 16 ක් දක්වා වැඩිවී ඇති බවයි. පාසැල් නිල ඇඳුම් සඳහා ඉකුත් වසරේ රුපියල් බිලියන 3 යි…

චීනය ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

චීනය ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

ටජිකිස්තානයේ, චීන දේශසීමා ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. භූකම්පනයෙන් විනාඩි 20කට පමණ පසු රිච්ටර් මාපාංක පහක පමණ පසු කම්පන තත්ත්වයක් ද වාර්තා වී තිබේ.

‘රා’ මදින්නන්ට පුහුණු පාඨමාලාවක්

‘රා’ මදින්නන්ට පුහුණු පාඨමාලාවක්

‘පොල් රා’ මදින්නන් සඳහා පුහුණු පාඨමාලාවක් පොල් පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා. නොමිලේ පවත්වන මෙම පාඨමාලාවෙන් පසු රැකියාවක්ද ලබාදීමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර ඇති බවයි එම ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ ප්‍රධානී ආචාර්ය චමින්ද හේරත් කියා සිටියේ. පොල් රා මැදීමෙන් මසකට රුපියල් 80,000ත්, ලක්ෂයත් අතර මුදලක් උපයාගත හැකි බව ඔහු සඳහන් කළා. අදාළ පාඨමාලාව…