දිස්ත්‍රික්ක හතරකට පිලිකා රෝහල්

දිස්ත්‍රික්ක හතරකට පිලිකා රෝහල්

යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පිලිකා රෝහල් හතරක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. අදාල රෝහල් පිහිටුවීම සඳහා සුදුසු ස්ථාන තීරණය කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන්නැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත. අදාල දිස්ත්‍රික්ක ආශ්‍රිතව විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද සෞඛ්‍ය…

රසකැවිලි කර්මාන්තකරුවන්ට ගැටලු රැසක්

රසකැවිලි කර්මාන්තකරුවන්ට ගැටලු රැසක්

ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 130 දක්වා ඉහළ යෑමත් සමඟ දොදොල් ඇතුළු රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ දී සිටියි. ගාල්ල – ගෝනපුර සහ බලගොඩ යන ප්‍රදේශවල රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ පොල්මිල අඩු කිරීම සඳහා රජය විසින් මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි.

sahal

සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන බද්ද ඉවත්කරන්නැයි ඉල්ලීමක්

සහල් මිල වැඩිනොකර ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් ලබාදීම සඳහා කර්මාන්තකරුවන් වෙත සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර රජයෙන් ඉල්ලීමක් කරයි. සෑම රුපියල් සියයක් සඳහා සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන රුපියල් 2 යි ශත 50 ක විශේෂ බද්ද ඉවත්කිරීම සහ වී තොග රැස්කිරීම සඳහා අයකරන පොලිය අඩු කිරීම ඇතුළු යෝජනා තුනක් ඊට…

ප්‍රථම වතාවට බිලියනයක් අනතුරේ හෙළන තවත් වසංගතයක් – වෛද්‍ය පිලිප්
|

ප්‍රථම වතාවට බිලියනයක් අනතුරේ හෙළන තවත් වසංගතයක් – වෛද්‍ය පිලිප්

ගෝලීය වශයෙන් කොළරා රෝගීන්ගේ වැඩිවීමක් සිදු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය අනතුරු අඟවා ඇත්තේ, ඒ හේතුවෙන් රටවල් 43ක බිලියනයක ජනතාව අවදානමට ලක් වී ඇති බව ය. මෙම සතියේ පමණක් රටවල් තුනකට කොළරා රෝගය පැතිර ගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දී ඇත. ප්‍රථම වතාවට, ලෝක සෞඛ්‍ය සංවිධානය, එම වසංගතයට එරෙහිව සටන් කිරීම…