train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

උත්සව සමයේ දී අතිරේක දුම්රිය සේවා 38ක්

මගීන්ගේ වැඩිවීම හේතුවෙන් උත්සව සමයේ දී අතිරේක දුම්රිය සේවා 38ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. කෙටි දුර මෙහෙයුම්වලට වඩා දුරගමන් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වය දී ඇති බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් V.S. පොල්වත්තගේ මහතා පැවසුවේ. විශේෂ දුම්රිය හැර අනෙකුත් දුරගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු…

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

අවුරුදු සමයේ සිදුකරන ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. ගිනිකෙළි භාවිතය සඳහා කුඩා දරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙස එහි සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා. ගිනිකෙළි අනතුරු නිසා 46%ක් පමණ අත් හා ඇඟිලිවලට හානි සිදුවන බවත්, 17%ක්…

නව සීමානිර්ණ වාර්තාව අගමැති අතට

නව සීමානිර්ණ වාර්තාව අගමැති අතට

නව සීමානිර්ණ වාර්තාව, සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය විසින් අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව අද යළි රැස් වීමට නියමිතව ඇත.

ranjith-siyabala-pitiya

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රකාශයක්

රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක්. හුඟක් අය කියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ විකිණීම කියලානේ. නැහැ, රාජ්‍ය ඒකාධිකාර්යය අඩු කරලා ජනතාවට අවශ්‍ය සේවය පහසුකම් සහිතව සැපයීමේ එක පියවරක්. ඒ සමාගම් තුළින් තෙල් ගෙනන්න…