අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
|

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගනිමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියදී, සිය පළමු ඉණිම අත්හිටවනු ලැබීය. පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණූ 143…

20 සිට ගෝල්ෆේස් පිටියට සීමා

20 සිට ගෝල්ෆේස් පිටියට සීමා

දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිතා කිරීමට අවසර ලබා නොදී සිටීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව එය අනිද්දා (20) සිට බලපැවැත්වෙනු ඇති අතර ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවදොර භාවිතා කළ හැකි ය. ඊට අමතරව එහි පැවැත්විය හැක්කේ ආගමික කටයුතු පමණක් වන අතර ගාලු…

උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා

උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා

උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ශිරෝමනි ජයවර්ධන සඳහන් කළේ වර්ෂාව සමඟ එම තත්ත්වයේ අඩුවීමක් තිබුණද එය තාවකාලික බවයි. මේ අතර අද (18) කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව…

ඉන්දියාවට යන්නයි එන්නයි රුපියල් 35,000යි
|

ඉන්දියාවට යන්නයි එන්නයි රුපියල් 35,000යි

ඉන්දු ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය ලබන මැයි මස 15වන දා ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතියි. මෙම යාත්‍රා මඟින් ඉන්දියාවට යාමට පැය 04ක් වැනි කාලයක් ගත වන බව සඳහන්. මෙම බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ කිරීම සඳහා IndSri Ferry Services Pvt Ltd සමාගම වෙත අවසර ලබා දී තිබේ. මෙම ෆෙරි බෝට්ටු සේවය…

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක්
|

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක්

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක් ස්ථාපනය කිරීමට සූදානම් වේ. ඒ සඳහා ගිවිසුම් ගතවී ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය. අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුව අවස්ථාව හිමිවෙයි. එම රෝහලේ ඇඳන් 500ක් පමණ…