රාමසාන් දිනය අදයි
ඉස්ලාම් බැතිමතුන් මසක් පුරා පැවැත්වූ උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති කිසියම් සහනදායී පරිසරයක් තුළය. එය සියලුදෙනාට සැනසුමට හේතුවක් බව නිසැකය. උපවාස සමය සහ රාමසාන් උත්සවය වටිනා ආගමික, අධ්‍යාත්මික හා සමාජයීය හර පද්ධතියකින් සමන්විතය. එම වටිනාකම් සුරැකෙන සේ ඉතාමත් භක්තියෙන්, අවංකව උපවාස සමයේ වත් පිළිවෙත් ඉටු කිරීමට ඉස්ලාම් බැතිමත්හු කැපවෙති….