money

හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක්

රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි…

විදෙස් ගමන් බලපත්‍ර

විදෙස් ගමන් බලපත්‍ර ගත් අයගෙන් රට ගොස් ඇත්තේ තුනෙන් එකයි

පසුගිය දිනවල විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඒ අතරින් විදේශගතවී ඇත්තේ සියයට 30 ක් පමණ බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී තිබෙනවා. දෛනිකව 2,000 කට වැඩි පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඔවුන්ගෙන් බහුතරය විදෙස් ගමන් බලපත්‍රය අතැතිව තබාගෙන රැකියා සොයන පිරිස බවයි එහිදී හෙළිවී ඇත්තේ. එම සමීක්ෂණය සිදුකර ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින්.