නව ගුවන් හමුදාපති වැඩ බාරගැනීමට සුදානම්

නව ගුවන් හමුදාපති වැඩ බාරගැනීමට සුදානම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ දැනට කටයුතු කරන්නේ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේයි. වත්මන් ගුවන් හමුදාපති එයාර්මාෂල් සුදර්ශන් පතිරණ එළඹෙන 30 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබේ. ඒ අනුව මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල්…

bank
|

රජයේ සහ පෞද්ගලික බැංකු පද්ධතියේ ස්ථාවර භාවය ගැන දැනුම්දීමක්

මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බවත් මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් වසර 05ක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවද ජනාධිපති…

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කිරීමට ප්‍රවාහන වෛද්‍යායතනවල වෛද්‍යවරු එකඟතාව පළ කර තිබේ. හය ලක්ෂයක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූයේ වෛද්‍යවරුන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත කරනු නොලැබීම නිසාය. වෛද්‍යවරුන්ගේ මෙම එකඟතාවද සමග එම පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙන නිර්දේශ ඇතුළත් විශේෂ…

රුසියානු මිසයිල ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් රෝහලේ
|

රුසියානු මිසයිල ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් රෝහලේ

යුක්රේනයේ අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල වු එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇති අතර එයින් 40දෙනෙක් පමණ තුවාල…