අනුස්මරණයේ හිමිකම සුරැකීම රජයේ වගකීමක්
|

අනුස්මරණයේ හිමිකම සුරැකීම රජයේ වගකීමක්

1983 ජුලි මස ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවලට වසර 40ක් පිරීම අනුස්මරණය කරමින් 2023 ජුලි මස 23 දින කොළඹදී පැවැත්වුණ සැමරුම්වලට පොලිසිය පහරදීම දැඩි ලෙස හෙළාදකිමු. එක් වැඩසටහනක් කඩාකප්පල් කිරීම සඳහා ගැටුමක් නිර්මාණය කරගැනීමට විරුද්ධවාදීන් පිරිසකට ඉඩ දීම ද පොලිසිය විසින් සිදුකරන ලද බරපතල වරදක් ලෙස අපි දකිමු. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුස්මරණය අයිතිවාසිකමක් ලෙස පිළිගනී….

ලෝක මිහිකත විවාහක රූ රැජින ලංකාවට

ලෝක මිහිකත විවාහක රූ රැජින ලංකාවට

2023 ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස කිරුළ දිනාගත් 21 හැවිරිදි සෂ්මි දිසානායක කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. පිලිපීනයේ මැනිලා නුවර ලොව රටවල් 45ක තරගකාරියන් 60 දෙනකුගේ සහභාගීත්වයෙන් එම තරගාවලිය පැවති අතර අනු තරගාවලි 04 ක් ජය ගනිමින් සෂ්මි දිසානායක ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කළේය.

බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක
|

බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක

ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත. මෙම සාකච්ඡාවේ ඇති විශේෂත්වය නම් විවිධ මට්ටමේ සහ විවිධාකාරයේ මුදල් අවභාවිතා වීමක් සිදු වුවද, සමාජයේ වැඩි අවධානය ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක වන…

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කර තිබෙන බව වාර්තා වේ. වාර්තා වන්නේ සහල් අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමග ලෝක වෙළඳපලේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඉන් දැඩි බලපෑමක් ආසියා සහල් වෙළඳපලට එල්ලවී තිබේ.ඉන්දීය රජය නිවේදනය කරන්නේ ඉන්දියාව තුළ සහල් මිල පාලනය කිරීම සදහා මෙම පියවර ගත් බවයි.

වකුගඩු රෝහල් වල ඖෂධ හිඟය හේතුවෙන් ශල්‍යකර්ම නැවතීමේ අවදානමක්

වකුගඩු රෝහල් වල ඖෂධ හිඟය හේතුවෙන් ශල්‍යකර්ම නැවතීමේ අවදානමක්

ජාතික වකුගඩු රෝහල ඇතුලු දිවයිනේ අනෙකුත් වකුගඩු රෝහල් වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයාම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සැරසෙන බවද…

ෆේස්බුක් සමාගමට අධිකරණ නියෝගයක්

ෆේස්බුක් සමාගමට අධිකරණ නියෝගයක්

ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර ඇත. අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසටය. පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

watercut

අද දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේ ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ අනුව පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල, අත්තනගල්ල යන ප්‍රදේශවලට අද පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නවයයි විනාඩි තිහක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි. රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක්…

strike

මිනින්දෝරුවන් ලෙඩ වෙයි

රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ සඳහන් කළේය. “මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවෙලා තියෙන භෞතික මානව හා සම්පත් ගැටලුවට මේ වනවිට විසඳුම් ඉල්ලලා, ඒ වගේම මිනින්දෝරු…