saman-ekanayake

ජනාධිපති නීතිඥ අයදුම්පත් කැඳවේ

2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඒ සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලබන 25 වනදා ය.

imf
|

IMF කණ්ඩායමක් ලබන මස දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කණ්ඩායමක් ලබන මස 14 වැනි දා මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා පැමිණෙන බවයි.

gov

රාජ්‍ය සේවකයින්ට ලැබෙන අලුත්ම ණය සහනය

නතර කළ නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බවත් ඒ සදහා සැලසුම් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත සකස් කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි සදහන් කරයි. දිළිදු පවුල් සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදල යටතේ නිවාස ආධාර ලබාදෙන බවත් ඊට අමතරව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් “සේවාභිමානී” නමින් ණය වැඩසටහනක් ආරම්භ කර…

නියඟය නිසා ගොවීන් 22,357ක් අගතියට

නියඟය නිසා ගොවීන් 22,357ක් අගතියට

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ වනවිට දිවයින පුරා නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව දෛනික වී වගා හානි පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලබයි. දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරෙන මෙම වී වගා හානි තක්සේරු කිරීමේ කටයුතු සඳහා කණ්ඩායම් 25ක්…