විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් පන්දම් විරෝධතාවයක්

විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් පන්දම් විරෝධතාවයක්

විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පන්දම් විරෝධතාවයක් ගිනිගත්හේන නගරයේදි පවත්වන ලදි. ජාතික ජන බලවේගයේ මස්කෙළිය ආසන සංවිධායක මංජුල සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවති අතර මෙහි පැමින සිටි පිරිස පන්දම් දල්වා එම විරෝධතාවයට එක්ව සිටින ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

money

අස්වැසුම අහිමි වූ ලක්ෂ 2කට තවත් චාන්ස් එකක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා එම ප්‍රතිලාභ ලබා ගැනීමට මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නැති සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගන්නා ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා දැනුම් දෙයි. දැනට ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම්…

හැටන් කලාපයේ අධ්‍යාපනය පිළිබදව කතිකාවක්

හැටන් කලාපයේ අධ්‍යාපනය පිළිබදව කතිකාවක්

හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් කිපයක් තුල පවතින විවිධ අකටයුතු කාර්යයන් ඇතුළු විවිධ හේතුන් මත එම විදුහල්වල අධ්‍යාපනය හදාරණ බොහෝ සිසුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පාසල් සිසුන් හා නිලධාරින් අතර ඇතිවු සංවාදයකදි අනාවරණය විය. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි විසින් සංවිධානය කරන ලද ළමුන්ගේ හඩට කන්දෙමු යන සංවාදය හැටන්හි උත්සව ශාලාවකදි පැවැති…

විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්වීම ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්
|

විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්වීම ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්

විදේශ ගත ශ්‍රමිකයන්ට ලබාදුන් සහනයක් උපයෝගී කරගනිමින් විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්නවා තිබීමේ සිදුවීමක් පසුගියදා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් හෙළි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමූහිකය විසින්  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මේ සඳහා ආර්ථික යුක්තිය උදෙසා…