gossip lanka news

තොරතුරු කොමිෂන් සභාව පැවරූ පළමු නඩුවෙන්ම චෝදනා ලැබුවෝ නිදහස්

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදීමට එරෙහිව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව පවරා තිබූ නඩුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි කේ. කේ. ධර්මතිලක මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) පස්වරුවේ නියෝග කළේය. එම විශ්වවිද්‍යාලයේ සේවය කරන මහාචාර්ය ප්‍රශන්ති නාරංගොඩ මහත්මිය…

අග්බෝ නැවතත් නිවාස කඩා දැමීම අරඹයි
|

අග්බෝ නැවතත් නිවාස කඩා දැමීම අරඹයි

ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල ලෙස තුවාලවී සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක් ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව අතට හැරී තිබෙනවා. අග්බෝ සුවපත් කරගැනීමට වනජීවි නිලදාරීන් හා වනජීවී පශුවෛද්‍ය වරුන් ඇතුලු කණ්ඩායම ඉතාමත් වෙහෙසක් දරමින් දින 86ක් අඛණ්ඩව…

බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල දළදා මාළිගාවට

බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල දළදා මාළිගාවට

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබා ගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කිරීමට ද මෙහිදී තීරණය විය.

ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
|

ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනකු ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්,පුහුණුකරුවන් , භෞතචිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා…

cricket
|

ක්‍රිකට් පාලනයට 18කගේ අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ක්‍රිකට් පරිපාලන නීතිය සංශෝධනය කිරීමේ යෝජනාව සකස් කොට ඇත්තේ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු කේ…