lawyers
|

දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයකට එළැඹ තිබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය…

එකම පවුලේ පිය-පුතු ඇතුළු 7ක් පෝරකයට; මුහුදු කොල්ලකෑම් පනත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව
|

එකම පවුලේ පිය-පුතු ඇතුළු 7ක් පෝරකයට; මුහුදු කොල්ලකෑම් පනත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව

ඔස්ට්‍රේලියාවට යෑම සඳහා මුහුද මැදදී බෝට්ටුවක් පැහැරගෙන, එහි සිටි ධීවරයන් තිදෙනකු කපා කොටා මරා මුහුදට දමා, තවත් දෙදෙනකුට මරණීය තුවාල කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එකම පවුලේ පිය-පුතු ඇතුළු 7 දෙනකුට කොළඹ මහාධිකරණය ඊයේ (24) මරණ දඬුවම නියම කළේය. මෙය 2001 අංක 9 දරන මුහුදු කොල්ලකෑම් පන‍ත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව වීම විශේෂත්වයකි….

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටය ආසන්න ප්‍රදේශයේ දී අද (25) අලුයම 2.00ට පමණ කිලෝ මීටර 11.1 ආසන්නයේ සිදු වූ අනතුරකින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂයකු වූ පොලිස් කොස්තාපල් ජයක‍ොඩි නමැති අයකු මියගොස් ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර…