ස්ත්‍රී දූෂණ නඩුවකට සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකු නිදොස් කොට නිදහස් කරයි
තරුණ එක්දරු මවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඬුවම් නියමව සිටි ‘පොඩී’ නැමැත්තා අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. විත්තිකරු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සළකා බැලූ මේනකා විජේසුන්දර සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදී ඇත. නිවසට ගෙනගොස් ඇරලවන බවට පොරොන්දු වී සිය යතුරුපැදියට නංවාගත් තරුණ එක්දරු මවක් කැලෑබද ප්‍රදේශයකදී දූෂණය කළ බවට…