slparli

ඇමතිවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක්?

අමාත්‍යවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. රජයේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පුද්ගලයින් පත් කිරීමේ දී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පවරීමෙදේ විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වළක්වාලන ප්‍රතිපාදන ඇතුලත්ව අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

කැලෑ ගිනි තැබීම් වාර්තා වීම වැඩි වෙයි
|

කැලෑ ගිනි තැබීම් වාර්තා වීම වැඩි වෙයි

වියලි කාලගුණයත් සමඟ කැලෑ ගිනි තැබීම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිවයිනේ ප්‍රදේශ විසි පහකින් මේ වන විටත් මෙවැනි ගිනි තැබීම් වාර්තා වී ඇති බවයි සඳහන් වෙයි. එම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියි.

වතුකර කාන්තා අයිතින් සුරකිමු ; කාන්තා දින පාගමනක්
|

වතුකර කාන්තා අයිතින් සුරකිමු ; කාන්තා දින පාගමනක්

ලෝක කාන්තා දිනයට සමගාමිව හැටන් සිටික් ආයතනය විසින් සංවිධානය තරන ලද කාන්තා දින පාගමනක් 09වන දින සවස හැටන් නගරයේදි පවත්වන ලදි. වතුකර කාන්තා අයිතින් සුරකිමු යන තේමාව යටතේ මෙකි කාන්තා පාගමන සංවිධානය කර තිබු අතර මෙම පාගමන හැටන් දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර සිටික් ආයතනයේ ශාලාව දක්වා ගමන් කරන ලදි. මෙම පාගමනට එක්වු වතුකර තාන්නාවන්…