death
|

අධික රස්නයට නවයක් මිය යයි

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. උෂ්ණාධික කාලගුණය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇති නමුත් මැයි මාසයේද සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනු ඇතැයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

parli
|

පරාටේ නීතිය තාව­කා­ලි­කව අත්හි­ටු­වන පනත් කෙටු­ම්පත අඟ­හ­රු­වාදා විවා­ද­යට

පරාටේ නීතිය තාව­කා­ලි­කව අත්හි­ටු­වන ‘බැංකු මඟින් ප්‍රදා­නය කරන ලද ණය අය කර­ගැ­නීමේ (විශේෂ විධි­වි­ධාන සංශෝ­ධන) පනත් කෙටු­ම්පත’ පිළි­බඳ විවා­දය මැයි 7 දා විවා­ද­යට ගැනී­මට පාර්ලි­මේන්තු කටු­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත. මැයි මස 7 අඟ­හ­රු­වාදා සිට 10 සිකු­රාදා දක්වා පාර්ලි­මේ­න්තුව රැස් වීමට නිය­මිත බව පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂානි රෝහ­ණ­දීර මහ­ත්මිය පැව­සු­වාය. පසු­ගිය අප්‍රේල් 26 වැනිදා…

කොත්තු – රයිස් මිල අඩු කරයි
|

කොත්තු – රයිස් මිල අඩු කරයි

ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. ඊට අමතරව කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10 කින් අඩු කළ බවත් ප්ලේන්ටී සහ කිරි තේ මිල සංශෝධනය නොකළ බවත් රුක්‍ෂාන් මහතා සඳහන් කළේය.