කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණයට සැලැස්මක් සකසන්න – ඇමැති අමරවීර
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක් සකස් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කාර්යංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙලෙස උපදෙස් දුන් අතර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ගැනීමට ඇමැති මණ්ඩල…