teacher
|

සඳුදා සිට සති 2ක් අකුරට වැඩ කිරීම ස්ථිරයි

මීට පෙර තීරණය කළ පරිදි සඳුදා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙනි.

derana news today
|

අස්වැසුමට නව අයදුම්කරුවන් 450,000 ක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා…

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
|

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජයට පත් කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කරනලදි. පන්දු…

මුං ඇට වගාව සඳහා එක් ගොවියෙකුට හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක්
|

මුං ඇට වගාව සඳහා එක් ගොවියෙකුට හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක්

2024 යල කන්නයේ කුඹුරුවල අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක් බැගින් ගොවීන්ට නොමිලයේ ලබා දෙන අතර ඒ සඳහා එක් ගොවියෙකුට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල්…

කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය විවෘත කිරීම අද
|

කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය විවෘත කිරීම අද

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය විවෘත කිරීමට නියමිත අතර, ඇසළ මහා පෙරහරේ අවසන් දිනයේ උදෑසන එනම්, අද පෙරවරු 9.00ට ස්වර්ණ ප්‍රවේශය විවෘත කරන බවයි සංවිධායකයින් සදහන් කළේ. ඓතිහාසික වටිනාකමක් ඇති කතරගම දේවාලයේ දුටුගැමුණු රජ දවස පටන් මැණික් ගඟෙන් පා දෝවනය කර කතරගම දෙවියන් වන්දනා කිරීම සිදු කරන්නකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි…