මෙවරවත් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සහතික කෙරෙයිද?
|

මෙවරවත් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සහතික කෙරෙයිද?

සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ දක්වා ඇති සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස එම කමිටුව…

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට
|

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මෙම දිනවල මෙම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍රයේ ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවද…

අබලන් තත්වයේ පවතින පොංනගර් මාර්ගය ජනතාව විසින් නවිකරණ කරයි
|

අබලන් තත්වයේ පවතින පොංනගර් මාර්ගය ජනතාව විසින් නවිකරණ කරයි

අබලන් තත්වයේ පවතින හැටන් පොංනගර් මාර්ගය නවිකරණ කිරිමට එම ප්‍රදේශයේ ජනතාව පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම ප්‍රදේශයේ ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ මෙම මාර්ග කොටස දැනට වසර තුනකට අධික කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජිවත්වන පවුල් 250ක 300ක පමන පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම මාර්ග කොටස…

ranil50
| |

වත්මන් ජනාධිපතිට අද වන විට මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ සහාය

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116ක් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයින් සමඟ පැවති හමුවකදී මහජන…

අස්වැසුම තොරතුරු සංගණන කටයුතු අතරමග නතර වෙයි
|

අස්වැසුම තොරතුරු සංගණන කටයුතු අතරමග නතර වෙයි

අස්වැසුම දෙවැනි අදියරට අදාළ තොරතුරු සංගණන කටයුතු අතරමග නතර කර ඇතැයි අනාවරණය වේ. අස්වැසුම දෙවැනි අදියර සදහා ලැබුණු ඉල්ලුම්පත් 450,000කට අධික ප්‍රමාණයට අදාළ තොරතුරු සංගණන කටයුතු අද (31 වැනිදා) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණි. මෙම සංගණනයෙන් අනතුරුව අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිත විය. කෙසේ නමුත් දැනට දින දෙකක පමණ…