සාමය සහ ලෙන්ගතුකම පිළිබඳ අලුත් පාඩමක් කියාදෙන මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය
වර්ගවාදයෙන් භේදබින්න වීමට පෙර ජාති ආගම් භේදයක් නැතිව සමගියෙන් මේ රට තුළ අපි එකට ජීවත් වූයෙමු. එවන් රසවත් තොරතුරු රාශියකින් පිරි අපූරු තෝතැන්නක සම උරුමකරුවන් වී සිටි පිරිසක් පසුගියදා මට හමු විය. ස්ථානය මඩකලපුව සිංහල මහා විද්‍යාලය යි. පාසල් සමය ඕනෑම කෙනෙකුට රසවත් අතීත මතකයකි. මේ කතා කරන්නේ එතැනින් ඔබ්බට ගිය මානව සංහතියට සාමකාමී බහුත්වවාදය…