manawa-himikam
|

මැතිවරණ පැමිණිලි කියන්න අංකයක්

පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමටකටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැක බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවත්…

මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවයි
|

මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවයි

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන සඳුදා (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. ඒ, ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපෙදස් ලබා දීම සඳහායි. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිසිය බලාපොරොත්තු වෙයි. ‍මෙයට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

dailyreporter
|

ජනපති අපේක්ෂකයන්ට ඇති තර්ජන හොයන්න බුද්ධි වාර්තා බලයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදීමට ප්‍රථම ඔවුන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම සඳහා සියලුම බුද්ධි ඒකකවලින් බුද්ධි වාර්තා කැඳවා ඇත. එම බුද්ධි වාර්තා අනුව අපේක්ෂකයන්ට ඇති තර්ජනය ගැන වෙන වෙනම විශ්ලේෂණය කිරීමට තීරණය කර තිබේ. මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන සිව්…