වගා හානි සඳහා ගෙවන රක්ෂණ වන්දි මුදල 100,000ක්
|

වගා හානි සඳහා ගෙවන රක්ෂණ වන්දි මුදල 100,000ක්

වගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා රජය විසින් නොමිලයේ ගෙවනු ලබන රුපියල් 40,000ක මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන්නැයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයින් පිරිසක්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වී ගොවි ගැටළු…

“ඔබ ඔබේ කාර්ය හරියට කරන්න, අපි අපේ කාර්ය හරියට කරන්නම්” අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

“ඔබ ඔබේ කාර්ය හරියට කරන්න, අපි අපේ කාර්ය හරියට කරන්නම්” අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට තුඩු දුන් අතර අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කිරීමට ද හේතු විය. ⭕️ ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන…

sathosa
|

ලංකා සතොස ලාභ ලබයි

ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ. ස.තො.ස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ලැබූ ශුද්ධ ආදායම රුපියල් මිලියන විසිහයදහස් හත්සිය හැත්තෑ හතරක්. එය 2023 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපෙක්ෂව සියයට 4 ක හෙවත් මිලියන 837 ක අදායම් වර්ධනයක්. මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන…

ධීවරයින්ට හා තේ වගාකරුවන්ට සහනාධාරයක්
|

ධීවරයින්ට හා තේ වගාකරුවන්ට සහනාධාරයක්

ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම සහනාධාර අද (22) සිට ක්‍රියාත්මක යි.

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය
| |

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහායි.

නිල්වලා පිටාර ගලා අකුරැස්සේ ගමනාගමනයට බාධා
|

නිල්වලා පිටාර ගලා අකුරැස්සේ ගමනාගමනයට බාධා

පවතින වැසි සහිත කාළගුණයත් සමඟ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් නිල්වලා ගංගාව පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතියි ඒ අනුව අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා එල්ලවෙමින් ඇත . මේ තත්ත්වය නිසා අකුරැස්ස නගරයේ සිට සියඹලාගොඩ තළහගම මාකඳුර පස්ගොඩ ඌරුබොක්ක ආදී පානදුගම හරහා ගමන් පහසුකම් සලසා ගන්නා විශාල පිරිසක් පීඩාවට පත්වූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර…