කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
|

කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අද (12) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබේ. ඒ, මිලිමීටර් 175.5 කි. කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ඇදහැලී ඇති අතර, කිරිදිවෙල ප්‍රදේශයට මිලිමීටර් 129.08ක වර්ෂාපතනයක් ලැබී ඇත. මේ අතර, වැසි හේතුවෙන් බියගම නව නුවර පාර පට්ටිවිල ප්‍රදේශයන් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබේ. එමෙන්ම ආපදා කළමණාකරන…

අධිවේගයේ එක් පිටවීමේ දොරටුවක් වැසෙයි
|

අධිවේගයේ එක් පිටවීමේ දොරටුවක් වැසෙයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇති වී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙල මාර්ගයෙන් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා තිබේ. එමෙන්ම කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබා දී තිබෙන බවයි වාර්තා වෙයි.

General Elections
|

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් මහ මැතිවරණයට

2024 මහ මැතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. එමෙන්ම මනාප අංක ඉදිර්යේදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල්…