අද, ළමා හිංසනයට එරෙහි ජාතික දිනය යි
|

අද, ළමා හිංසනයට එරෙහි ජාතික දිනය යි

අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස අද දිනය නම් කර තිබේ. ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන් ගොඩනැගීම මෙහි අරමුණයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ප්‍රකාශ කළේ, මෑත කාලයේ දී ළමා මානසික වෛද්‍ය සායන සඳහා පැමිණෙන ළමයින් අතරින් බොහෝ දෙනෙකු අධික ලෙස…

කම්කරු ගැටලු සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක්
|

කම්කරු ගැටලු සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක්

කම්කරු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, ගැටලුවලට සහන හා මැදිහත්වීම් ඉල්ලා ජනතාව ලිපි ඉදිරිපත් කරන බවයි. ඒ අනුව ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා 0707227877 යන whatsapp අංකය හඳුන්වා දී තිබේ. කම්කරු අමාත්‍යාංශය පැවසුවේ, පෞද්ගලික හා අර්ධ රාජ්‍ය සේවකයින්ගේ සේවා ගැටලුවලට කඩිනම් සහන සැලසීම…

මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ගැන තීරණයක්
|

මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ගැන තීරණයක්

මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් එකතු වූ රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන ප්‍රකාශ කරයි. ඒ පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ මුද්‍රණය නොකළ රියදුරු බලපත්‍ර 13,000ක් ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.