බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර තිබේ.
කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියා වාර්තා වීමෙන් පසු විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති බවත්, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 48ක් එම පොලිස් ස්ථානය තුලදීම නිරෝධායනයට ලක් කොට ඇත.
එමෙන්ම කොටුව පොලිස් ස්ථානයට අනියුක්තව සිටි සෙසු නිලධාරින් පොලිස් බැරැක්ක තුලදීම ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
කොටුව පොලීසියේ සියලු පොලිස් නිලධාරීන් මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සදහන්.