අරලගංවිල පොලොස් වසමට අයත් නිකවත ලන්ද ප්රදේශයේ දී ඊයේ (20) උදෑසන වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල, නිකවතලන්ද ප්රදේශයේ පදිංචි කාන්තාවක් (32)දෙදරු මවක් බව පොලිසිය වැඩි දුරටත් කීය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කළේ මෙසේ මියගොස් ඇත්තේ උදෑසන 8.30 කුඹුරට යමින් සිටියදී බවත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ අරලගංවිල පොලිසිය විසින් සිදු කෙරේ.
ඊෂා මුදියන්සේ – පොලොන්නරුව