තෝරා සහ මෝරා සාගරයේ ජීවත්වන ප්‍රමාණයෙන් සහ ශක්තියෙන් යුතු ජීවින් දෙදෙනෙකි. බොහෝවිට විශාල ප්‍රමාණයේ සතුන් තනිව වාසය කරන්නට ප්‍රිය කරන අතර මධ්‍යම ප්‍රමාණයහි සතුන් (හොදින් නොවැඩුණු) කුඩා කණ්ඩායමක් වශයෙන් වාසය කරයි.
හාල්මැස්සා කුඩා සාගර ජීවියෙක් වන අතර රංචු වශයෙන් (සාමූහිකව) වාසය කරන අතර කුඩා කුඩා ජලජ ජීවීන් හා කුඩා ආහාර කැබැළි කෑමට ප්‍රිය කරයි. පැවැත්ම පිළිබද තර්ජනයක් වන්නේ නම් සමූහයම එයට ලක් වෙයි.
අතීතයේ රාජ්‍ය පාලනය සම්බන්ධ න්‍යායක් සාගර සත්ත්ව ජීවිතය අලලා ගොඩනගා ඇත. මත්ෂ්‍ය න්‍යාය වන මෙහි අර්ථය බලවතාගේ ගොදුර දුබලයා වන බවයි. එනම් තෝරු මෝරුන්ගේ ගොදුර වන්නට හාල්මැස්සන්ට සිදුවන බවයි.
යථාර්ථවාදය තුළ හෑන්ස් ජේ.මොගන්තෝ විසින් Politics among Nation, the struggle for power and peace තුළ තර්ක කරන්නේ බලවත් රාජ්‍යයන් බලය වෙනුවෙන් කරන අරගලය තුළ නිර්මාණය වන භූමිය කුඩා රාජ්‍යන්ගේ පැවැත්මට තර්ජනයක් බවයි.
දැන් අප අත්විදින නවයථාර්ථවාදී බලප්‍රවාහය සහ නවලිබරල්වාදී ආර්ථික ව්‍යුහය විසින් ගෝලීයව ඇති කරන විභවතාවන් විසින් වඩාත් සංකීර්ණත්වයට පත් කරන නව ලෝක පර්යායහි අනාගතය ඉතාමත් ගැටලුකාරීය.
විශේෂයෙන්ම කොරෝනා අර්බූදය විසින් ඇති කරන සමාජ සචලතාවයන් විසින් ගෝලීය පර්යාය හැඩගස්වනු ඇත්තේ කෙසේද යන්න මැනීමට මහා බලවතුන්ගේ වර්තමාන හැසිරීම සියුම්ව නිරීක්ෂණය කිරීම වටී. වෙළද යුද්ධයේ නොනිළ ජයග්‍රහණය චීනය සතුකරගනිද්දී නව ආර්ථික සංග්‍රාම භූමි සොයා ගැනීමේ සටනට ගෝලිය බලවතුන් අවතීර්ණ වනු ඇත.
පශ්චාත් කොරෝනා සමය පිළිබද නිගමන ඉදිරිපත් කිරීමට මෙය කාලය නොවන නමුත් නියත වශයෙන්ම නව ආර්ථික මන්පෙත් සොයා යාමට ලෝකයට සිදුවනු ඇත.
සාගරය කැලඹී ගියද අභාවයට නොයන තෝරු මොරු.
කොරෝනා ආරම්භය චීනයේ වූහාන් බව නොරහසකි. පලමුව ගොදුර වුයේද චීනයයි. මේ වන විට වඩාත් බලපෑමට ලක්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඉන්දියාව, බ්‍රසීලය, මෙක්ෂිකෝව, රුසියාව, ඉතාලිය, ඉරානය ආදී වශයෙන් බොහෝ රාජ්‍යයන් දෙවන තෙවන රැලි හමුවේ අසරණව ඇත.
සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් බේදයකින් තොරව මෙයට හසුව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධායනය අනතුරු අගවන්නේ මෙම තත්වය අවම වසර දෙකක කාලයක් පවතිනු ඇතැයි යන්නයි. බොහෝ රටවල් වෛරසය සමග ජීවත් වීමේ ක්‍රමය පුරුදු වියයුතු බව දන්වයි. චීනය, දකුණු කොරියාව දැනටමත් එය අරබා ඇත.
ජර්මනිය ඉතාලිය නැවත කාර්මික කේෂ්ත්‍රයේ වැඩ අරඹනු ඇත. ඇමරිකාව මැතිවරණ උනුසුමේ ගිලී ඇත. මෙයින් පෙනෙන්නේ එම රටවල් නැවත දෛනිකත්වයට හුරුවන්නට සැරසෙන බවයි. වෛරසයෙන් වඩාත් ජීවිත අවධානම ඇති වයස් කාණ්ඩ සහ රෝගීන් ගැන කෘර අදහස් දරන්නටද සමහර රටවල නායකයන් පෙළඹී ඇත.
සරල යථාර්ථය නම් ඇමරිකානු වෙළදපොළ යළි නගා සිටුවීම, චීන ආයෝජන සහිත රටවල කොවිඩ් මර්ධනය ( මේ බොහෝ රටවල් තෙවන ලෝකයේ වන අතර චීන ණය ආධාර මත මූලික කේෂ්ත්‍ර පවා රදා පවතින රටවල් වේ) උපරිම අයුරින් ගෝලීයව මැදිහත් වනු ඇත.
එයිනුත් ඇමිකානු, චීන සහ රුසියානු ආර්ථිකයන් පණගසා ඒමට වැඩිකල් නොයනු ඇත්තේ තෙවන ලෝකයහි සාරය උරා ගැනීමේ හැකියාව ඔවුනට ඇති බැවිනි. එනම් නව ආර්ථික සංග්‍රමෙයේ තෝරු සහ මෝරු ගැටීමට ඇති ඉඩකඩ වැඩිය.
පශ්චාත් කොරෝනා ගෝලීය පර්යාය යනු අතිශයම ආර්ථිකමය මැදැහත් වීමක් උදෙසා සබඳතා මෙහෙයවන පර්යායක් වනු ඇත. එහි සංග්‍රාම භූමිය මෙකී බලවතුනගෙන් පිටත බලවතුන් වෙනුවෙන් ඇති භූමි වනු ඇත. ඉතින් තෝර-මෝර සටනහි ජය කිරුළ රැගෙන යන අතර පරාජයේ සොහොන්කොත් එහි දමා යනු ඇත. එනම් ඉහත කී පරිදි මෙකී සාගරය කොරෝනා නිසා කොතරම් කැළඹී ගියද සාපේක්ෂ අහිමි වීමේදී වඩාත් දැනෙන අහිමීවීම දැනෙන්නේ තෙවන ලෝකයටය.
බලවතුනට ආර්ථික (Profit ) වාසියක් වන දේ දුබලයාගේ ජීවිත ඉරණම තීරණය කරන්නක් විය හැකිය. විශේෂයෙන් ම ගෝලීය ඖෂධ බෙදා හැරීමේ කඩිනම්, කාර්යක්ෂම හා විශ්වාසදාය් ක්‍රමවේදයක් අවශ්‍යව ඇත. එය සමාගම් හරහා ලාභය මත පදනම් වූවක් වන්නේ නම් තෙවන ලෝකයට අත්වන ඉරණම ඛේදණිය වේ.
තෝරු- මෝරු අතර අපි.
චීන කොම්යුනිට්ස් පක්ෂ ඉහල නියෝජිත පිරිසක් පසුගිය දා ලංකාවේ සංචාරය කරන ලදි. එම දූත පිරිස ජනාධිපති , අගමැති හමුවී ඇත. ඔවුන් නික්ම ගියේ වැදගත් ස්ථාන කිපයක් නිරීක්ෂණය කරමින් ය. එහිදි ඩොලර් බිලියන 16.5ක් ණය ආධාරයක් වශයෙන් ලැබිණි.
එමෙන්ම ලබන මස මුලදී ඇමරිකානු රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක් සදහා පැමිණිමට නියම්ත බැව් දන්වා තිබේ. මිලේනියම් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන බවට තරයේ මරහඩ තැලූ මෙරට ඊනියා ජාතිකවාදී දේශපාලන නායකයින් සහ කේවට්ටයන් දැන් ඒ ගැන වගේ වගක් නැත.
නොදැනුවත්වම අප ගෝලීය බලවතුන්ගේ සංග්‍රමෙ භූමිය වන්නට ඉඩ ඇත. චීන එක් තීරයක් එක් මාවතක් ව්‍යපෘතිය හරහා එලාගෙන යන දැලේ අනිවාර්ය පැටලෙන කකුලුවන් වී හමාරය. කේවල් කිරීමේ බලයක් නැත. දකුණු ඉන්දීය කලාපීය බලවතාගේ න්‍යෂ්ටිය කොරෝනා විසින් අඩපණ කර ඇත.
චීනය සමග සාගර බලය කේවල් කිරීමේ ශක්තියක් මෙකී ඉන්දියාව සතු වන්නේ ද නැත. ඒ අවසරයෙහි ඇමරිකානු ඉනිදියානු සබදතා පුලුල් කර ඇත. ඉනම් මේ දූපත වටකොට ඇති සාගර බලයට ඇමරිකානු ඉන්දියානු සහ චීන ගට්ඨනයන් එනු ඇත.
ඉතින් මේ භූමිය තුළ පැන නගින දේශපාලන ප්‍රවාහය ගෝලීය බල ගට්ඨනයන් සමතයකට පත් කර ගැනීමට තරම් උපායමාර්ගික වන්නේද ඒ තාක් ලාංකීය ආර්ථික, දේශපාලන, ජාත්‍යන්තර සබඳතා අංශයන්ගේ ප්‍රගමනයක් කෙසේ වුවද පැවැතම සහතික වනු ඇත.
කොරොනා අර්බූදය විසින් ඇත් කරන අභ්‍යන්තර සමාජ සචලතාවන් සදහා මුහුණදීම සදහා ශක්තිමත් රජයක් අවශ්‍ය බව වියත් මතය වු අතර, ඒ සදහා අතිබහුතර බලයක් පවතින රෙජීමයට ලබා දී ඇත. දැන් අවශ්‍ය මෙ අර්බූදය කළමනාකරණය කිරීමයි.
නමුත් 20 වන සංශෝධනය හරහා නියත ලෙසම කරනු ලබන්නේ ඉහත වියත් මතය හරහා සමාජගත කරන (පෙන්වා දුන්) අර්බූදය සදහා විසදුම්සෙවීම වෙනුවට අධිකාරීවාදී ස්වරූපයකට රාජ්‍ය විධායක බලය නැවත ඒකරාශි කිරීමකි. එවැන් බල ඒකරාශිත්වයක අවශ්‍යතාවය මතු කරන කොටස් 19හි පැවති බලකේනද්‍ර දෙකෙහි වියවුල පිලිබදවය.
නමුත් අත්‍යාවශ්‍යයෙන්ම පැවතිය යුතුයැයි සම්මත වූ කොටස් පවා 20 සංශෝධනය මගින් ඉවත් කිරීම තේරුම්ගත යුත්තේ කෙසේද?.. මේ සදහා මූලික ප්‍රවේශයක් Pandemic Covid -19 shakes the world (polity 2020) කෘතියේ slavoj zizek විසින් අවධාරණය කරන “අප ඉදිරියේ ඇත්තේ මානුෂීය මුහුණුවරක් සහිත ම්ලේච්ඡත්වයක් කරා ගමන් කරන්නා” වූ ලොක පර්යායක් බවය.
එහි පරමාදර්ශය ලෙස චීන මාදිලිය සැලකීමට රාජ්‍යයන් කටයුතු කරයි. එහි අර්ථය දේශපාලන ස්වරූපය යම් ඒකාධිකාරී මධ්‍ය තත්ත්‍රයකින් මෙහෙයවන අතර ආර්ථිකය නව ලිබරල්වාදී උරාගැනීම් හරහා පුලුල් කරන ලද තත්වයයි.
ඒ ආභාෂය ලාංකීය දේශපාලික ධාරාව ආක්‍රමණය නොකරනවාය උපකල්පනය කිරීම පවා අතාර්කිකයි. 2010 පසු ලාංකීය ගමන් මග දෙස බලන කළ 2015 වූ බල පෙරලිය නොවන්නට මීටත් වඩා චීන මාදිලියහි අත්දැකීම් විදිමට අපට හැකිව තිබිනි. චීන කොමියුනිස්ට් ආකෘතිය තුළ චීන කොමියුනිස්ට් පකෂයහි අධීක්ෂණය නොවන කේෂ්ත්‍රයක් නැති තරම්ය.
දෛනික මිනිස් ජීවිතය කෙසේ වියයුතුද යන්න නියෝග දීමේ මෘදුු, අවවාදාත්මක, හා දඩුවම වැනි ස්ථරයන් ක්‍රියාවට නංවන මතුපිටට නොපෙනෙන නමුත් ඉතාමත් ශක්තිමත් යාන්ත්‍රණයක් ඇත. කොවිඩ් මර්ධනය හමුවේ චීනය පෑ දක්ෂතාවය හා ආර්ථික හැකියාවට එකතු වූ මෘදු බල ව්‍යාපෘතියහි අභිලාෂය අප වැනි රාජ්‍යන්ගේ නැම්යාවයි.
ජෝෂෆ් නයි වැනියන්ගේ අදහස වන්නේ චීන මෘදුබල ව්‍යාපෘතිය ඉතාම කාර්යක්ෂම සහ ශක්තිමත් එකක් යන්නයි. අප මේ සදහා අවබෝධාතමක හෝ යටත්වීම වැනි කිනම් ආකාරයක් ගනු ඇතිද ලාංකීය දේශපාලන නායකත්වය හා රාජ්‍යතාන්ත්‍රිකභාවය මත තීරණය වනු ඇත. (නමුත් අප දැන් කේවල් කිරීමේ බලය අමතක කර ඇති හැඩයි) ලාංකීය නැමියාව නම් මූලධාර්මික ලෙස චීනයට විරැද්ධ අතර ප්‍රායෝගිකව පක්ෂපාතිත්වය දරන බවයි.
ලෝක දේශපාලනය තෝර මෝර සෙල්ලම් අතීතයේ පටන්ම තිබී ඇත. හාල්මැස්සන් කල යුත්තේ පැවැත්ම වෙනුවෙන් වඩාත් සාපේක්ෂ ලගාකරගත හැකි මාර්ගයන් තොරා ගැනීමයි.
එහිදී තම පැවැත්ම යනු වර්තමාන අනාගත යන අන්ත දෙකම තහවුරු ව්යයුතු බව සිහිතබා ගත යුතුය. නමුත් බලයේ ස්වභාවය වන්නේ වඩාත් උපක්‍රමශීලී සහ කපටීන් විසින් තෙවන ලෝකයේ රටවල් මිහිපිට අපායන් බවට පත් කර ඇති බවයි.
සම්පත් රන්දුන්න