තාත්තා හැර ගිය සිඟිති දියණියන් හදා ගන්නට නොහැකිව බද්දේගම පොලිසිය අසල පාලම සිට ගැඹුරු ගිං ගංගාවට පැන සිය දිවි හානි කර ගන්නට ගිය දෙදරු අම්මා බේරා ගන්නට බද්දේගම පොලිසියේ නිලධාරියෙක්ට හැකි විය. මේ අපේ කතාන්දරයේ ඒ පොලිස් නිලධාරියාගේ කතාන්දරයි.

බද්දේගම පොලිසියට ආසන්නයේම  ගිං ගංගාව ගලා බසිති.එක්වරම පොලිසිය අසල බද්දේගම ගිං ගංගාව හරහා සකස්කර ඇති පාලම මතින් කාන්තාවක ගඟට පැන්නාය කියා පාලමේ ගමන් කරමින් මගියෙක් විලාප දෙන්නට විය.

ගත වුයේ නිමේෂයකි. එක්වරම හැඩි දැඩි පිරිමියෙක් වහා ගිං ගංගාවට පනිණු දැකිය හැකි විය.මහා පුදුමයකි.පාලමේ සිට ගංගාවට පැන්න කාන්තාවද දියබේ වැටී නොපෙනී ගියාය.ගඟට පැන්න කාන්තාව බේරා ගන්නට ගංගාවට පැන්න මිනිහා ද ගැඹුරු ජලයේ නොපෙනී ගොස්ය. මේ දසුන බලා සිටි පිරිස් මර ලතෝනි දෙන්නට වූහ. ඒවන විටත් සිය ගණනාවක් ජනතාවෝ පාලම උඩට වී කෑ කෝ ගසන්නට වුහ. ගත වුයේ නිමේසයකි. පාලමෙන් ගිං ගංගාවට පැන්න කාන්තාව නිරුපදිතව බේරාගෙන සියකර මත තබාගෙන ඉතා අසීරුවෙන් ගං ඉවුරට  පිහිනා ආ පුද්ගලයා වුයේ කවරෙක්ද ?.ඒ බද්දේගම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල් 93456 ලසන්ත පුෂ්ප කුමාර මහතා (27) බව කිසිවෙක් දැන සිටියේ නැත.

මේ අනුව,රාජකාරී වේලාවේ දී ගඟට පැන ජීවිතයක් බේරා ගැනීමට හැකිවීම පිළිබඳව තමා අතිශයින් සතුටු වන බවත් එය තමාගේ ජීවිතයේ නොමැකෙන සටහනක් බවත් බද්දේගම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල් 93456 ලසන්ත පුෂ්ප කුමාර මහතා පසුගිය (20) දින අප සමඟ පැවසීය.

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා 2020.10.19දා සවස  බද්දේගම පොලිසියට පැමිණි කාන්තාවක්  දිවි හානි කර ගැනීමට බද්දේගම පාළමෙන් ගිං ගඟට පැන තිබූ අතර වහාම ක්‍රියාත්මක වූ බද්දේගම පොලිසියේ  පොලිස් විශේෂ කාර්යාංශයේ  පොලිස් කොස්තාපල්වරයෙකු ගඟට පැන ඇයව බේරාගෙන තිබුණි.26 හැවිරිදි දෙදරු මවක මෙසේ බේරාගෙන තිබුණේ පොලිස් කොස්තාපල් 93456 ලසන්ත පුෂ්ප කුමාර මහතා (27) විසිනි.

පොලිස් කොස්තාපල් ලසන්ත පුෂ්ප කුමාර මහතා මෙසේ ද කීවේය.

“මම එනකොට පිරිසක් කිව්වා අන්න ගෑණු කෙනෙක් ගඟට පැන්නා කියලා. මා දෙවරක් නොසිතා ගඟ ට පැන්නා. ජීවිතයක් බේරා ගත්තා.අපේ පොලිසියේ චාමර,ගුණසේකර,ඩයස්,ප්‍රියන්ත යන මහත්වරු මාහට උදව් කළා.මේ ගැන ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතා ම ඇතුළු සියලු දෙනා දිරිමත් කළා.”

ගොඩබිමට රැගෙන එමෙන් පසුව එම කාන්තාව බද්දේගම මූලික රෝහලට රැගෙන ගොස්  මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල,කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යවා තිබුණී.කාන්තාව සුවෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අපේ කතාන්දරයේ කතා නායකයා ලසන්ත සත්තකින්ම වීරයෙකි. ගිං ගංගාවේ මියදෙන්නට ගිය මේ අසරණ අම්මා බේරා ගන්නට ඒ මොහොතේ ක්ෂණිකවම ඉදිරිපත් නොවුනානම් අසරණ දරුවන් දෙදෙනෙකුට ආදරණිය අම්මා කෙනෙක් අහිමිවන බව සත්‍යකි. හිතේ අමාරුවට තම නිවසේ ඇතිවු ආරවුලක් නිසාසිය දියණියන් දෙදෙනා ජීවත් කරන්ට නොහැකි වීම නිසා සිතේ හටගත වේදනාව නිසාම සිය ස්වාමි පුරුෂයා සමඟ ඇතිකර ගත් ආරවුලක් නිසා මේ අම්මා සිය දිවි හානිකර ගන්නට ගංගාවට පැන්නේ අඩි පනහක් පමණ උසින් පිහිටි පාලම මත සිටයි.

පාලමේ සිට ගිං ගංගවේ මේ ප්‍රදේශය අතිශය ගැඹුරු ස්ථානයකි. මේ වැසි සහිත කාලයේ ගංගාවේ වතුර අඩි 60 ක් 70ක් පමණ පිරි ඉතිරි ගිය ජල කඳ වේගයෙන් ගලා බසිමින් තිබිණි.ගලන ගංගාවට මේ බිහිසුණු අවස්ථාවේ තම ජීවිතය දෙවැනි කොට ආපදාවකට පත්වු අසරණ අම්මා බේරාගන්නට මේ අවස්ථාවේදි ලසන්ත පොලිස් නිලධාරියා ගංගාවට පැන්නේ දරුවන් සිටින අම්මා කෙනෙකු බේරා ගන්නට හැකි විය.

පොලිස් කොස්තාපල් 93456 ලසන්ත පුෂ්ප කුමාර මහතා (27) කෑගල්ල පින්දෙනිය ගම්මානයේ ජීවත්වන අතර පොලිස් සේවයේ යෙදෙමින් මේවන විට ගාල්ල බද්දේගම පොලිසියට අනුයුත්තව සේවය කරමින් සිටියේ ය. පොලිසියේ විශේෂ කාර්ය සාධක බලකායේ සේවා කටයුතු ආවරණය කරන ලසන්ත පිහිනිම,ක්‍රිඩාව,දිවිම ආදි අංශවලට දක්ෂතාවයක් ඇති දක්ෂ නිලධාරියෙකි.ගිනි අවි පුහුණුවට අමතරව විවිධ අංශ යටතේ,පුහුණුව ලබා තිබිම නිසා මෙම අසරණ අම්මා බේරාගන්ට හැකි වු බව හෙතෙම සදහන් කළේය.

ගිං ගංගාවේ ජලය වේගයෙන් ගලා යනවා ගංගාව උඩ පාලම අසල ජනතාව දෙසියක් (200ක්), (300ක්) තුන්සියක් පමණ පිරිසක් රැස්වෙලා හිටියා කවුරුවත් ගඟට පැන්නේ නෑ.

කව්දෝ ගඟට පැන්නා පැන්නා කියමින් කවුරුත් කෑ ගහනවා. මම මගේ යතුරු පැදියෙන් ඒ වන විට එම ස්ථානයට ආවා විතරයි. මම ක්ෂණිකවම යතුරු පැදිය නතර කරලා. ගංගට පැන ඉතාම අසිරුවෙන් කාන්තාව ගිලෙන්නට ඉඩ නොදි අල්ලාගෙන ගං ඉවුරුට ආවා.එවිට ඒ අසලම අපේ බද්දේගම පොලිසියේ නිලධාරින්ද එම ස්ථානයට ඇවිත් මට උපකාර කරලා.අදව් කරලා. කාන්තාව ගං ඉවුරට ගත්තා. අපි ක්ෂණිකව ප්‍රතිකාර කරලා.මේ කාන්තාවට සිහිය ගත්තා නැතිනම් ඇය එම ස්ථානයේ දීම මිය යනවා.

ඉන් පසුව හදිසි ඇමතුම් අංශයට(1919) අංකයට දැනුවත් කර ගිලන් රථය ගෙන්වාගෙන රෝහල්ගත කළා. ඇය දැන් සුවපත්ව සිටිනවා පුසගිය 2020.10.21 වන දින ඇයට රෝහලෙන් යන්න හැකි බව වෛද්‍යවරු පවසා තිබුනා.

ජීවිතය එපා කියා සිය දිවි හානිකර ගන්නට ගිං ගංගාවට පැන්න මේ බද්දේගම ප්‍රදේශයේ ජීවත්වන මේ මව සිය දරුවන් දෙදෙනා ද එක්ව ගාල්ල කරාපිටිය රෝහල් භූමියෙන් ඉවත්ව ගමන් ගන්නා ආකාරය දැකිය හැකි විය.

නිවසේ දෙන්නා දෙමහල්ලන්ගේ ගැටුම් බත්හැලිය ඉදෙන කාලයකට තරම් සුළු කාලයකට සීමාවේ.එය විවාහක පවුල් කන ඇත්තෝ සිහිතබාගත යුතුව ඇත.පවුල් ආරවුල් නිසා ක්ෂණිකවම තම ජීවිතය උකසට තබා දිවි හානිකර ගන්නට ගියද අවසානයේ අසරණ වන්නේ මේ කතාවේ හැටියට නම් මේ කාන්තාවගේ පියා ද අහිමි වු දුරුවන් දෙදෙනාය. තවමත් මේ කාන්තාව 26 වන වියේ පසුවන දරුවන් දෙදෙනකෙගේ ආදරණිය අම්මා ය.

අපේ කාතාන්දරයේ කතා නායකයා ලසන්ත පොලිස් නිලධාරියා නොසිටින්නට මේ තාත්තා අම්හි වු දරුවන් දෙදෙනාට අම්මාද අහිමිවන්නට ඉඩ තිබිණි. වාසනාවට ලසන්ත පොලිස් නිලධාරියා මේ අම්මාගේ ජිවිතය බේරා ගන්නට  හැකිවිය.

අම්මා දරුවන් සමඟ මේ පුංචි කැදැල්ට අද අදම වාසනාව ගෙන දෙන්නට ලසන්ත මහතාට හැකි විය. අපි ශ්‍රි ලංකා පොලිසියේ ලසන්තට සුභ පතමු. ගල්මුල් ගසමින් පොලිසියට නින්දාකරන සමහරක් මිනිසුන් සිටින රටක පොලිස් සේවයේ නිරත ලසන්ත වැනි නිලධාරින් සත්තකින්ම අගය කළ යුතුව ඇත.මේවැනි නිලධාරින් ශ්‍රි ලංකා පොලිසියට ගරුත්වයකි.සත්තකින්ම ඇගයීමට වුවද වටනේය.

සටහන හා ඡායාරූප  – බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්.ඒ නිමල්, හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්

Similar Posts