හැටන් නගරයෙන් පලමු වරට කොව්ඩ් 19 අසාදියෙක් හමුවිමත් සමග හැටන් පොදු වෙලද පල භුමිය වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගන්නා ලදි.
පැලියගොඩ මාළු වෙලද සැලින් හැටන් නගරයට මාළු රැගෙන පැමිනෙන මාළු ව්‍යාපාරිකයකුගේ පි.සි.ආර්. පරික්ෂාවකින් පසු ඔහු කොවිඩ් අසාදියකු බවට තහවුරු විමත් සමග හැටන් පොදු පල භුමිය මෙසේ වසා දැමිහට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලදි.
මෙම කොවිඩ් අසාදිතයා වාර්ථා විමත් සමග හැටන් පොදු වෙලද පල භුමියේ අනිකුත් වෙලදුන් මෙන්ම එම පොදු වෙලද වලට පැමිනි පුද්ගලයන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට ඉදිරියේදි පියවර ගන්නා බවද බාලචන්ද්‍රන් මහතා වැඩි දුරටත් පවසන ලදි.
එමෙන්ම හැටන් නගරයේ පොදු වෙලද පල භුමිය හා අවට ප්‍රදේශ වීෂබීජ හරනය කිරිමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්