නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත.

ස්පාඤ්ඤය මෙලෙස නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ දෙවැනි වරටය.

ජාතිය අමතමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා “අපි දැන් මුහුණ දී සිටින තත්ත්වය දරුණු” යැයි  අවධාරණය කළේය.

ස්පාඤ්ඤය පසුගිය සතියේදී යුරෝපයේ නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය පළමු රට බවට ද පත්විය.

Similar Posts