බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ, අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී ය.
වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරණය කරන්නේ ද අද දිනයේ ය.
කොරෝනා තත්ත්වය හමුවේ අවම පිරිසකගේ සහභාගීත්වයෙන් කඨින පූජෝත්සවය පවත්වන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දිවයිනේ සියලු විහාරස්ථාන වෙත දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් අත්‍යාවශ්‍ය අංගවලට පමණක් සීමා වෙමින් කඨින පූජෝත්සවය පවත්වන ලෙසයි.
එහිදී අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීම අනිවාර්යය වෙයි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් දැක්වූයේ, කඨින චීවරය තැම්පත් කර ඇති ස්ථානයේ සිට කෙටිම දුරකින් විහාරස්ථානයට වැඩම කළ හැකි ආකාරයෙන් මෙවර කඨින පූජෝත්සවය පැවැත්වීම සිදු කළ යුතු බවයි.