බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ, 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි.
ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බවද ඒ මහතා සඳහන් කළා.