හැටන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 11දෙනකු හමුවිමත් සමග හුදකලා නගරයක් බවට පත් කරන ලද හැටන් නගරය නිල වශයෙන් එම හුදකලාව ඉවත් නොකලද මේ වන විට ක්‍රමයෙන් යථා තත්වයන්ට පත්ව ඇත.

මෙම කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පසු ගිය 27වන දින හැටන් නගරය හුදකලා නගරයක් බවට පත් කරන ලදි.

එහෙත් එම හුදකලා කිරිම මේ වන තෙක් නිල වශයෙන් ඉවත් නොකලද 02වන දින වන විට නගරයේ බොහෝ වෙලද සැල් විවෘත කර බස් රථ ධාවනයන්ද සමන්‍ය වශයෙන් සිදු වෙමින් පවති.

හැටන් නගරයෙන් පලමු කොවිඩ් 19 ආසාදිතයා හමුවු හැටන් පොදු වෙලද පල ප්‍රදේශය මේ වන තෙක් වසා දමා ඇති අතර එහි වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම පොදු වෙලද පලේ සමහර වෙලදුන් එහි තිබු එලවලු නගරයේ පදික වේදිකාවේ තබා ගෙන විකිනිම සිදු කරන බවත් මෙය දැඩි අසාධාරනයක් බවත් මෙයින් නැවත කොවිඩ් 19 හැටන් ප්‍රදේශයේ ව්‍යාප්ත විමට ඉඩ ඇති බවත්ය.

මේ පිලිබවද කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ නගරය හුදකලා කිරිමේ නිවේදනය යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කල බවත් එය ඉවත් කිරිමද ඔහු විසින්ම සිදුකල යුතු බවත්ය.

එම තත්වයන් මත තමන්ට එම නියෝග ඉවත් කල නොහැකි බවත් කෙසේ වුවද මේ වන විට හැටන් නගරයේ බොහෝ වෙලද සැල් විවෘත කර ඇති බවත් සමහර වෙලද සැල් මේ වන තෙක් වසා දමා ඇති බවත් පවසන ලදි.

එමෙන්ම හැටන් නගරයෙන් පලමුවරට කොවිඩ් 19 ආසාදිතයා හමුවු හැටන් පොදු වෙලද පල ප්‍රද්ශය මේ වන තෙක් වසා දැමිමට පියවර ගෙන ඇති බවත් එම ප්‍රදේශයද විෂබීජ හරනයට ලක් කර කඩිනමින් විවෘත කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

එමෙන්ම පදික වේදිකාවල එලවලු වෙලදුන් ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස තමන් නගර සභා නිලධාරින්ට උපදෙස් ලබා දිමට පියවර ගත් බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts