covid infections and deaths

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස සියල්ල පුරාම මේ වන විට කොරෝනා වසංගතය පතිරීමත් සමග ඔක්තෝම්බර් 31 වනදා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගන ඇති කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ හෙළිකරයි.

බේරුවල, පානදුර ඇතුළු ප්‍රදේශවලින් පසුගිය 31 දා රෝගීන් 93 දෙනෙක් හමුවීමත් සමග මෙම තත්වය උදාවී තිබෙි. මෙි අතර හොරණ ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ පී.සී. ආර් පරීක්ෂණයකින් හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඟළුම්හලක සේවිකාවක් ආසාධිත බව තහවුරු වීමත් සමග එම ඇඟළුම්හල වසා දැමීමටද පියවර ගෙන ඇත.

මතුගම – ඕවිටිගල නව ජනපදය සංචරණ සීමා පනවා තිබූ ප්‍රදේශයේ පවුල් දෙකක පස්දෙනෙක් ආසාධිතයින් බවට පත්ව ඇතැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් මහතා කීවෙිය.

අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පසුගිය 31 දා එක් ආසාධියෙක් හමුව ඇති අතර මේවන විට රෝගීන් 16 දෙනෙක් හමුව ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන තෙවරප්පෙරුම මහතා කියයි. වළල්ලාවිට ප්‍රදේශයෙන් නව ආසාධිතයින් දෙදෙනෙක් හමුවීමත් සමග සමස්ත ආසාධිතයින් ගණන ඔක්⁣තෝම්බර් 31 දිනට 18 දක්වා ඉහළ ගොස් තිබේ.

එම රෝගීන් දෙදෙනාද මීට පෙර ආසාධිතයින්ගේ පවුලේ නෑදෑයින් බවදහෙළිව ඇත.බදුරලිය-, පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් හමුවු සමස්ත කොරෝනා රෝගීන් ගණන අටක් වන අතර පවුල් 91 ක පුද්ගලයින් 278 දෙනෙක් නිරෝධයෙනයට ලක්කර තිබේ. බුලත්සංහල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් රෝගීන් හතර දෙනෙක් හමුව තිබෙි.

ප්‍රථම වතාවට දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදෙශයෙන් රෝගීන්දෙදෙනේක් හමුවු බව දොඩන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අසංක බලපිටිය මහතා කීවේය.තවත් එක් අයෙකුගේ පරීක්ෂණ වාර්තා ලැබීමට නියමත බවද අසංක බලපිටිය මහතා කීවේය.

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යවෛද්‍ය කොට්ඨාස රැසකම දිනකීපයකට ඉහත සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබීමට ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.මෙි වන විට මතුගම වෑත්තෑව ,අගලවත්ත පිඹුර රෝහල්හල් කොරොනා රෝගී ප්‍රථිකාර මධ්‍යස්ථාන බවට පත්කර තිබෙි.

සොමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts