හැටන් නගරයේ පදික වෙලදාම් සදහා විවිධ පිරිස් එලවලු රැගෙන ඒමත් සමග හැටන් නගරයේ නැවත කොව්ඩ් 19 වසංගත තත්වයන් ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත.

කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හැටන් නගරය හුදකලා කිරිමටද පියවර ගත් බවත් එවන් තත්වයන් මත මෙකි සමහර වෙලදුන් පිටස්තර ප්‍රදේශවලින් එලවලු ලොරි රථවලින් රැගෙන පැමින මුඛ ආවරණද නිසි ලෙස පැලදිමකින් තොරව එලවලු විකිනිමත් සමග හැටන් නගරය නැවත අනාරක්ෂිත තත්වයකට පත් විමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ සමහර පිරිස් පවසති.

හැටන් නගරය තුල පදික වෙලදාම් තහනම් කර තිබියදි මෙම සමහර එලවලු වෙලදුන් එලවලු වර්ග බිම දමාගෙන විකුනන බවද මුඛ ආවරණ නිතියද නිසි ලෙස මෙහි ක්‍රියාත්මක නොවන බවත් ප්‍රදේශයේ ජනතාව වැඩි දුරටත් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ මෙම පදික වෙලදුන් ඉවත් කිරිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Similar Posts