අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකුට අතක් කැඩෙන්න පහර දීමෙන් කළ හිරිහැරයට වන්දියක් ලෙස රුපියල් ලක්ෂයක් එම තරුණයාට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

ඊට අමතරව රු. 50,000/- බැගින් තරුණයාට ගෙවිය යුතු යැයි එම පොලිස් කණ්ඩායමේ සිටි හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සහ උප පොලිස් පරීක්ෂක අමරසිංහ යන දෙදෙනාටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

පෙත්සම් විභාගයේදී පොලිසිය කියා සිටියේ රන් භාණ්ඩ සොරකමක් ගැන ප්‍රශ්න කිරීම සඳහා තරුණයා අත්අඩංගුවට ගත් බවයි. තරුණයාට පහර නොදුන් බවත් ඔහු ජීප් රථයෙන් පලා යාමට තැත් කිරීමේදී තුවාල සිදුවූ බවත් කියා සිටියේය.

පොලිසිය විසින් කරනු ලබන අමානුෂික පහරදීම් වැළැක්වීමට උපදෙස් මාලාවක් සහ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති නමුත් ඒ සඳහා පියවර ගත් බවට ශ්‍රේෂ්ඨාධිකරණයට මෙතෙක් වාර්තා කර නැති බවත් නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.

සරත් ධර්මසේන

උපුටා ගැනීමකි

aruna

Similar Posts